Monday, October 28, 2013

Power Point Game එකක් ගහන්න කැමතිද ? (100% ක් power point)


         හායි... කොහොමද ඉතින් යාළුවනේ... මම නම් හොඳින්. මාතෘකාව දැක්ක ගමන් සමහර අය ටිකක් අවුල් යන්නත් ඇති... මොකද ඉතින් Power Point වලින් Game හදන්න පුළුවන් කියල ගොඩක් අය දන්නෙ නෑනෙ... ඒ කොහොම වුනත් මොලේ පාවිච්චි කරොත් Power point වලින් Game හදන එක කජ්ජක් නෙවේ...
        හරි හරි ඒ වුනාට අද මම ඔයාලට Power Point Game හදන විදිහ කියල දෙන්න යන්නෙ නෑ, ඒත් ඔයාලා හැමෝටම හොඳට විනෝද වෙන්න පුළුවන් Power Point Game එකක් මම ඔයාලට දෙනවා....
ආසයි නේ. :ඩී.  ඒ විතරක් නෙවෙයි මගේ ඊලඟ පෝස්ට් එකෙන් Power Point Game හදන විදිහ ඔයාලට කියල දෙන්නත් මම පොරොන්දු වෙනවා.
     
       හරි දැනට මේ Power Point Game එක බාගෙන බලන්නකො කොහොමද කියලා... ඇත්තටම ඔයාලට පුදුම හිතෙයි... මෙක හදන්න 100% ක්ම මම පාවිච්චි කලේ Power Point විතරමයි. මේකට මම නම තිබ්බෙ Mouse Runner කියලා... මට මේක හදන්න සතියක් විතර කට්ට කන්න වුනා... හැබැයි ඒ මහන්සියෙ ප්‍රතිඵල මට ලැබුනා. මොකද කිවුවොත් සමාජවාදී තරුණ සංගමය
 (SYU Sri Lanka) විසින් 2010 සැප්තැම්බර් මස සාහිත්‍ය මාසය සැමරීම වෙනුවෙන් පවත්වනු ලැබූ
‘‘අක් වැස්ස“ සාහිත්‍ය උළෙලේ Power Point තරඟයෙන් දිවඉනේ ප්‍රථම ස්ථානය ලබාගන්න මට පුළුවන් වුනා මේ Power Point Game එක වෙනුවෙන්...

         එහෙනම් තවත් විස්තර ඕන වෙන එකක් නෑ කියල මන් හිතනවා Download කරලම බලන්නකො... පහලින් Setup File එක බාගෙන Install කරගන්න... කොමෙන්ට් කෑල්ලක දාල යන්න අමතක කරන්නත් එපා... එහෙනම් හැමෝටම ජය....

  Download Mouse Runner (Power Point Game)  

1 comment:

  1. අපේ කොල්ලේක්ගේ සුපිරි වැඩක් !! :D

    මගේන් , උණුසුම් සුභ පැතුම් වෙඩික් !! :D

    ReplyDelete

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts