Tuesday, June 16, 2015

෴ Online ඉඳන් Photo Shop වලින් Photo Edit කරමු [Sumo Paint] ෴

අද ඔයාල හැමෝට වගේම Graphic Designing කරන අයට විශේෂයෙන් වැදගත් වෙන Post එකකින් තමයි මම ඔයාලව හම්බවෙන්න ආවෙ. වැඩි කතා බව නැතුව කෙලින්ම මාතෘකාවට බහිනවනම් අද මම ඔයාලට කියන්නෙ Online Photo Edit කරන්න පුළුවන් Site එකක් ගැන.

මේ Web Site එකෙන් අපිට Photo Shop වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක්ම කරන්න පුළුවන්. මේ සයිට් එක හඳුන්වල තියෙන්නෙ Sumo Paint කියල. ඔයාල ගිහිල්ලම බලන්නකො, ඔයාලටත් ලේසියෙන්ම මේ Site එකෙන් Photo Edit කරන්න පුළුවන්. පල්ලෙහා තියෙනව Link එක.


පහල Screenshot කීපයක් තියෙනවා.






තවත් අළුත් දෙයක් එක්ක හමුවෙනකන් හැමෝටම ජය..!!!

Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


සැලකිය යුතුයි !

යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ 

තත්පර 5 කට පසු දකුණු පස උඩ දිස් වන 

 

බොත්තම ක්ලික් කල පසු ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.


Saturday, June 13, 2015

෴ Android ෆෝන් එකේ Pattern Lock එක අමතකද? මෙන්න එහෙනම් විසඳුම ෴


                      ඔන්න අද ඔයාලා හැමෝටම වගේ වැදගත් පෝස්ට් එකක් අරගෙන අවා. අද කාලෙ ස්මාර් ෆෝන් එකක් නැති කෙනෙක් හොයන්නත් නැති තරම්, ඉතින් මේ පොස්ට් එක ඒ හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
                       ස්මාට් ෆෝන් පාවිච්චි කරන ගොඩක්  අය තම තමන්ගෙ පුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න කරන වැඩක් තමයි Screen Lock දාන එක. සමහර අය Pin Code දානවා, තවත් සමහරු Tap Code දානවා, මේ අතරින් වැඩි දෙනෙක් කරන්නෙ Pattern Lock දාන එක. ඉතින් ඔය මොන Lock එක දැම්මත් සමහර වෙලාවට තමන්ටම Lock එක අමතක වෙන වෙලවල් තියෙනවා. ඒ වෙලාවට ඉතින් හැමෝම කරන්නෙ ෆෝන් කඩේකට ගිහින් කීයක් හරි දීලා Unlock කරගන්න එක.
                        දැන් ඉතින් ෆෝන් එක Lock උනාම සල්ලි නාස්ති කරගන්න ඕනෙ නෑ. මේ ක්‍රමයට අපිටම ලේසියෙන් ෆෝන් එක Unlock කරගන්න පුළුවන්. පල්ලෙහා තියෙන පියවර අනුගමනය කරල බලන්න.

1) පළමුවෙන්ම ෆෝන් එක Off කරන්න.

2) දැන් එකවර මේ Key ටික ඔබන්න. Volume up + Power Button Home Key ) 
     (Home Key එකක් නැති ෆෝන් වල  Volume up + Power Button විතරක් ඔබන්න )
    දැන් DOS Window එකකින් ෆෝන් එක On වෙයි.

3) ඊට පස්සෙ එන මෙනුවේ ඉහළ පහළ යෑමට Volume Keys භාවිතා කරලා 
   ‘‘Restore Factory Defaults‘‘ හෝ ‘‘Delete all User Data‘‘ යන්න Power Button එක 
    භාවිතයෙන් තෝරන්න.

4) දැන් ‘‘Reboot System Now‘‘ යන්න තෝරන්න, ඊට පස්සෙ ෆෝන් එක Reboot වේවි.

* සැලකිය යුතුයි - මෙහිදී Phone Memory එකෙහි ඇති දත්ත Delete වන බව මතක තබාගන්න. 
                            (Contact List, Massages)

මේ Video එකත් බලලම පැහැදිළි කරගන්නකෝ...


එහෙනම් තවත් අළුත් දේයක් එක්ක හමුවෙනකන් හැමෝටම ජය...!!! ඔයාලගෙ අදහස් පහලින් දාල යන්න.



Wednesday, May 13, 2015

෴ FB එකේ Block වෙන්නෙ නැති වෙන්න ඇති තරම් Friend Request යවන හැටි ෴

       

         ඔන්න එහෙනම් ටික දවසකින් පොඩි ට්‍රික් එකක් අරගෙන ආවා. Title එක දැක්ක ගමන් තේරෙනවනෙ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා. ගොඩක් අය දන්න අයටයි නොදන්න අයටයි එක දිගටම  Friend Request දාන්න ගිහින් ඇන ගන්න වෙලාවල් තියෙනවා. මොකද එක දිගටම අපි නොදන්න අයට Request යැව්වම Pending Request ගොඩ ගැහෙන නිසා FB එකෙන් අපිව Block කරනවා. එහෙම උනාම ඉතින් සති ගානක් බලන් ඉන්න වෙනවා ආපහු Friend Request දාන්න.

         අපි නොදන්න යාළුවන්ට යවපු Friend Request දවස් දෙක තුනක් යනකන් Accept කරල නැත්නම් ඒවා Cancel කරල දානවනම් අපිට මේ Block වෙන කරදරෙන් ගැලවෙන්න පුළුවන්. ඒත් එහෙම කරන්න අපි යවපු Request දවස්ගනන් අපිට මතක තියෙන්නෙ නෑනෙ. ඒ නිසා අපිට පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරලා  Pending Request ඔක්කොම එක පාරින් හොයාගන්න. ඊට පස්සෙ එවා Undo කරලා දාපු ගමන් කරදරේ ඉවරයි. 




එහෙනම් පහල තියෙන Link එකට ගිහින් ඔයාලත් උත්සහ කරල බලන්න. 


 Click here


එහෙනම් තවත් අළුත් දේකින් හමුවෙන්න බලාපොරොත්තුවෙන් දැනට නවතිනවා... ජය... 

අකමැත්තෙන් හරි ඔයා දාන Comment එක මට කෝටි ගානක් වටිනවා....

----------------------------------------------------------------------------------------------------------------------------------

සැලකිය යුතුයි !

යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ 

තත්පර 5 කට පසු දකුණු පස උඩ දිස් වන 

 

බොත්තම ක්ලික් කල පසු ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

Monday, April 27, 2015

෴ Hidden Files හොයාගන්න සුපිරි බඩුවක් ෴

         ඔන්න යාළුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ WediKK අළුත් මුහුණුවරකින්, අළුත් පෝස්ට් එකක් අරගෙන ආවා... කාලෙකට පස්සෙ ආපු නිසා ඔයාලා හැමෝටම වැදගත් වෙයි කියල හිතෙන දෙයක් තමයි අරගෙන ආවෙ.

         වැල්වටාරම් නැතුව කියනව නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් පුංචි Software එකක්. මේකෙන් පුළුවන් ඔයලගේ පරිගණකයේ සඟවපු ලිපි ගොනු (Hidden Files) හොයාගන්න. 

          ගොඩක් වෙලාවට වයිරස් නිසා ෆයිල්ස් Hidden වෙන වෙලවල් තියෙනවා, ඒ වගේම ඔයාලා තමන්ගෙ පුද්ගලික ලිපි ගොනු Hidden කරපු තැන ඔයාලට අමතක වෙන වෙලාවල් තියෙනවා, ඉතින් මේ වගේ පොඩි පොඩි ප්‍රශ්ණ වලට මේ Software එක හොඳ විසඳුමක්...

පහල තියෙන්නෙ Software එකේ පොඩි Screen shot ඒකක්.



                   
Download

මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න


Comment එකක් දාල යන්න අමතක කරන්න එපා...

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


සැලකිය යුතුයි !

යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ 

තත්පර 5 කට පසු දකුණු පස උඩ දිස් වන 

 

බොත්තම ක්ලික් කල පසු ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.


Tuesday, November 26, 2013

෴ගේත් එක්කම පියාඹන සීයා - Up (2009) ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක් (සිංහල උපසිරැසි සහිතව) නොවරදවා බලන්න෴


    ඔන්න මාළුවනේ අද මං ලස්සනම ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් ගෙනාවා ඔයාලට රසවිඳන්න. නිකන් නෙවෙයි සිංහල උපසිරැසිත් එක්කම. ඇත්තටම මේක නොබලන ඇස් දෙකෙනුත් වැඩක් නෑ. මම බලලා තියෙන ලස්සනම ඇනිමේෂන් චිත්‍රපටි වලින් ඉදිරියෙන්ම තියෙන චිත්‍රපටියක් තමයි අද ඔයාලටත් රසවිඳින්න මන් අරගෙන ආවේ.... බලලම කියන්නකො කොහොමද කියලා...

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts