Monday, November 18, 2013

෴වයිරස් නිසා නැති වුන Folders ආපහු අරගන්න හැටි සහ පෞද්ගලික ලිපි ගොනු කාටවත්ම හොයන්න බැරිවෙන්න හංගන හැටි. Software අනවශ්‍යයි ෴


       ඔන්න හැමෝටම ගොඩක් වටින පෝස්ට් එකක් අරන් ඉක්මනටම මම ආවා...  හරි වැඩි විස්තර නැතුව මාතෘකාවට බහිමුකො. සාමාන්‍යෙයන් හොඳ Antivirus Software එකක් නැති ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සමහර වයිරස් නිසා තමන්ගෙ PC එකේ හරි Pen driver එකේ හරි තියෙන තමන්ගේ වටින  කියන දෙවල් Folder පිටින් නැතිවෙලා යන එක. ඉතින් අපි ගොඩක් වෙලාවට Pen එකක එහෙම මේ විදිහට Files නැති වුනොත් කරන්නෙ කොහොමත් එකයි කියල වයිරස් වලටත් කෙලවෙලා පලයන් කියල Format කරල දාන එක. ඇත්තටම Files ටික අපිට නැති වෙන්නෙ අන්න එහෙම කරාට පස්සෙ. 
මොකද කිව්වොත් ඇත්තටම වයිරස් නිසා Folders, Files ගෙඩිය පිටින් එහෙම නැතිවෙන්නෙ නෑ. ඇත්තටම වෙන්නෙ ඒව තියෙන තැනම තියෙද්දි නොපෙනී යන එකවිතරයි. හරියටම කියනවනම් එකට System Hidden වෙනව කියල කියන්න පුළුවන්. ඉතින් ඒ නිසා, කලබල වෙලා Pen එක හරි PC එක හරි Format නොකර හිටියොත් අපහු අපිට ඒ Flies අරගන්න පුළුවන්. එල නේ....? පුංචි වැඩයි කරන්න තියෙන්නෙ. හරි දැන් අපි බලමු කොහොමද වැඩේ කරන්නෙ කියලා.

මුලින්ම Note Pad එක ඕපන් කරගන්න...

ඊට පස්සෙ මෙන්න මේ Code එක දෙන්න... attrib -r -s -h /s /d


ඊට පස්සෙ කැමති නමක් දීල අගට .bat කියල ටයිප් කරල නැති වුන Files තියෙන තැනට Save කරන්න.
උදා - wedikk.bat  (Files නැති වුනේ Pen Driver එකේ නම්, ඒක ඇතුලට Save කරන්න)


හරි දැන් File එක Save කරපු තැනට ගියාට පස්සෙ ඔයා හදපු නමින් File එකක් තියේවි...
දැන් ඒක Double Click කරලා Open කරාට පස්සෙ Command Prompt එකක් ඒවි... කලබල වෙන්න එපා දැන් වැඩේ ඉවරයි. වික වෙලාවකින්  Command Prompt එක නැති වෙලා ගිහින් ඔයාගෙ නැති වවුන Files ටික ඔක්කොම ටික ඔයාට දැකගන්න ලැබෙයි... සන්තෝසයි නේ...

තව දෙයක් කියන්න තියෙනවා...

     ඔයාගේ පෞද්ගලික දේවල් කාටවත් හොයන්න බැරිවෙන්න හංගන්නත් ඔයාට මේ විදිහටම පුළුවන්... පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. ඉස්සෙල්ල දුන්න කෝඩ් එකම පුංචි වෙනසක් කරන්නවිතරයි තියෙන්නෙ. අපි ඒකත් බලමු එහෙනම්...

මෙන්න කොඩ් එක - attrib +r +s +h /s /d


දැන් ඉතින් ඉස්සෙල්ල විදිහටම කැමති නමක් දීල අන්තිමට .bat කියල දීල හංගන්න ඕන Flies තියෙන තැනට Save කරන්න. ඊට පස්සෙ ඒ කරන්න තියෙන්නෙ ඉස්සෙල්ල කරපු දේම තමා.... අපහු හංගපුව ගන්නෙ මුලින් කියල දීපු විදිහටමයි... හරි වැඩේ ඉවරයි... එහෙනම් අදට මං නවතිනවා. හැමෝටම ජයෙන් ජය...
මේ වගේ දෙයක් කියල දීලත් නිකන් යනනෙ නැතුව Comment එකක් දාලම යන්න... 

1 comment:

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts