Tuesday, November 5, 2013

Krrish 3 (2013) | සුපිරි වීරයා නැවතත් කරලියට [සිංහල උපසිරැසි සමඟ]


ඔන්න අද මං ඔයාලට ඔයාල පුල පුලා බලා සිටි Post එකක් ගෙනාවා....  සුපිරි නේද...? මාතෘකාව දකින්න ඇති නේ.... මේ මාසෙ පළවෙන්දා (01) නිකුත් වුන Hollywood වගේ Bollywood චිත්‍රපටියක් තමයි Krrish 3 කියන්නෙ.
ඉස්සෙල්ල කියන්න ඕනෙ මේක සම්පූර්ණයෙන්ම http://www.baiscopelk.com අඩවියෙන් උපුටා ගත්ත ලිපියක්....  නිකන් මොකටද අනුන්ගෙ පෝස්ට් එකක් අරගෙන පොඩි වෙනස් කමක් කරලා තමන්ගෙ එකක් වගේ දාන්නෙ.... ඉතින් මේක හැමොටම වැදගත් හොඳ ලිපියක් නිසා මේකට වැඩි ප්‍රචාරයක් දෙන්න මගේ බ්ලොග් එක හරහාත් ඔයාලට දෙන්න මන් තීරණය කලා.... පහළ ඉඳන් සම්පූර්ණ ලිපියම ඉහත වෙබ් අඩවියෙන් උපුටා ගත් බව සලකන්න...

*********************************************************************************

ඔන්න ඉතිං අපේ උපසිරැසි කරුවන් හත් දෙනෙක්ම පසුකරපු කඩඉම මේ කොලුවත් පසුකරන්නයි හදන්නේ. ඔව්, මේ මගේ 50ස් වෙනි උපසිරැසිය. මගේ පළවෙනි උපසිරැසිය වුනේ Kick Ass පළවෙනි කොටස. ඒ 2013 අවුරුද්දේ ජූනි 7 වෙනිදා. අද මේ පනස් වෙනි උපසිරැසිය දෙන්න මට ගත වුන කාලය මාස හතර හමාරක්.
ඉතින්, බයිස්කෝප් එකට මුලින්ම එකතු වුන දවසේ ඉදන්ම නිතරම කෝල් දීලා, බර බරේ දාලා :Dමෙච්චර දුරකට මාව අරගෙන ආවේ අපේ ‘විකියා’ සහෝදරයා. ‘මචාං හොඳ චිත්‍රපටියක් ආවා’ :D අනේ අප්පේ ඉතිං කී දාහක්නං ෆෝන් කෝල් වලට වියදම් ඇත්ද මං අහන්නේ. ඒ ගැන මතක් කරන්න ඕනමයි. මොකද මම චිත්‍රපටි මට ඕන ඕන විදිහට දෙන්න ගියානම් තවමත් මම සමහරවිට උපසිරැසි දහයක්වත් නොදෙන තත්වයකට පත්වෙලා ඉන්න තිබුනා. වාසනාවකට එහෙමනම් උනේ නැහැ. ඉතිං ඒ වගේම මතක් කරන්න ඕන මේ ආපු දුර එන්න තවත් එක හේතුවක් උනේ උපසිරැසි බාගත කරගත්, කමෙන්ට් වලින් දිරි දුන්, ගල් මල් චෝදනා හැම දෙයක්ම ඉඳිරිපත් කරපු අපේ සහෝදර සහෝදරියන්ටයි. ඇත්තටම හිතෙනවා වෙන නිකං විනෝදාංශ තියෙන අතරේ හැමෝටම වැඩක් වන, උපකාරයක් වන මේ වගේ විනෝදාංශයක් මට ලැබුන එක ගැන ඇත්තටම සතුටුක්. මේ හරහා ගොඩක් මිත්‍රයන්ව අඳුරගන්න ලැබුනා. ඒ වගේම අපේ උපසිරැසි කණ්ඩායමවත් මතක් කරන්න ඕන. යම් අවස්ථාවකදී මට උපසිරැසියක් කරගන්න බැරිවුනහම හසන්ත සොහොයුරා උදව් කරා, ඒ වගේම අපේ උදා සොහොයුරත් මට කරගන්නම බැරිවෙලාවක උපසිරැසියක් වෙනුවෙන් ලිපියක් ලියලා දුන්නා. ඒ වගේම තවත් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා. අපේ වාසල සහෝ. මට උපසිරැසියක් හොයාගන්න බැරිවුනහම කැත නැතිව උපසිරැසිය හොයලා දුන්නේ ඔහුයි. ඒවගේම අනිත් උපසිරැසි කරුවන්ටත් මේ වෙලාවේ ඇත්තටම ස්තූතිවන්ත වෙනවා. ඒ අතරට ඉංග්‍රීසි චිත්‍රපට අටක්, තෙළිඟු හා දමිළ චිත්‍රපට හතරක්, හින්දි චිත්‍රපට එකොලහක් සහ රූපවාහිණී කතා  විසි හයකට සිංහල උපසිරැසි ලබා දීලා තියෙනවා.
ඉතින් කියන්න තියෙන්නේ, සමහර වෙලාවට නියමිත වෙලාවට උපසිරැසිය දෙන්න බැරිවෙනවා. ඒ හිතාමතලා කරන පරක්කු කිරීමක් නිසා නෙමෙයි. යම් යම් වැඩ රාජකාරි, නැත්නම් මොනවහරි තාක්ෂණකි දෝෂයක් ඇතිවුනොත් විතරයි ඒ පමාවීම සිද්ධ වෙන්නේ. චිත්‍රපටියක් මගේ දෝෂ නිසා සම්පූර්ණයෙන්ම වාගේ ඉවරයක් කරලා තිබුන උපසිරැසි ගොනු කිහිපයක්ම මට නැවත සකස් කරන්න වුනා. ඒ අත්දැකීමනුත් නැතිවාම නෙමෙයි :D මේ ලඟදිත් එහෙම තව දෙක්ක වෙලා තියේ. අපේ විකියානං ඒ ගැන දන්නවා නොවෑ :D පුලුවන් වෙලාවට උපසිරැසියක් ගෙනත් දෙන්නම්.ඉතින් කියන්න ගොඩක් දේවල් නැහැ. තාම අර්ධ ශතකය වාර්තා කරා විතරයිනේ. සතුටුයි ඇත්තටම. බොහොම ස්තූතියි මාව දිරිපත් කරපු හැමෝටම.
එහෙනම් අද කතාවට බහිමු :D කවුරුත් බලාගෙන හිටියනේ මේ පිටසක්වල ජීවියෙකුගේ බලෙන් මානසික මට්ටම අඩු කොල්ලෙක්ට ලැබුන බලය ඒ කොල්ලගෙ දරුවට ලැබිලා කරපු විස්කමේ තුන්වෙනි කොටස වෙනුවෙන්. ඔන්න මේ අරගෙන එන්නේ විස්කම තමයි. මේ වෙනවිට IMDb දර්ශකයේනම් 7.8ක ඉහළ අගයක් මේ ක්‍රිෂ් බයිස්කෝප් එකට ලැබිලා තියෙනවා. ඉතින් නිෂ්පාදනය සහ අධෂයක්ෂණයනම් රිතික් රෝෂන්ගේ දයාබර පියාණන් වන රාකේෂ් රෝහන්. 2003 වසරේදී තිරගත වූ Koi… Mil gaya චිත්‍රපටියේ සාර්ථකත්වය මත 2006 වසරේදී Krrish දෙවන කොටස නිපදවූවා. මෙම තුන්වන කොටසේ රධාන භූමිකාවලට වලට පණපෙව්වේ රිතික් රෝෂන්, විවේක් ඔබ්රෝයි, ප්‍රියන්කා චොප්රා සහ කන්ග්නා රානත් විසින්. ක්‍රිෂ් 3 චිත්‍රපටියේ නිශ්පාදන පිරිවැය විදිහට සටහන් කර තිබෙන්නේ ඇමරිකානු ඩොලර් 15වත් 23ත් අතරයි. ඒ වගේම මෙම චිත්‍රපටිය 3D තාක්ෂණයෙන්ද යුක්ත වන බව කියලා තිබ්බත්, අවසානයේදී අධ්‍යක්ෂක රාකේෂ් රොෂාන් පවසා සිටියේ 2D ආකාරයෙන් පමණක් මෙම චිත්‍රපටිය ඉදිරිපත් වන බවයි. ලොව පුරාම මෙම චිත්‍රපටිය නොවැම්බර් මස 4 වෙනිදා තිරගත කරන්න හිතාගෙන හිටියත් නොවැම්බර් 1 වෙනිදා තිරගත වීමට ආරම්භ විය. සිනමාශාලා 4000ක මෙම චිත්‍රපටිය ප්‍රදර්ශණය ආරම්භ විය. 3600ක් හින්දි භාෂාවෙනුත් අනිකුත් 600 අනිත් භාෂාවලිනුත් වශයෙන්. දකුණු ඉන්දියාවේ පමණක් සිනමාශාලා 750ක ප්‍රදර්ශණය කරනු ලැබුවා.
ඒවගේම චිත්‍රපටියේ පළවෙනි ට්‍රේලර් එක නිකුත් කලේ අගෝස්තු පස් වෙනිදා. පළවෙනි දවසෙම ඒ ට්‍රේලර් එක බලමු සංඛ්‍යාව මිලියන 2.3ක්. ඒ Jab Tha Hai Jann චිත්‍රපටිය පළවෙනි දවසේ ට්‍රේලර් එක බලමු සංඛ්‍යාව මිලියනයක් වන දේ කඩකරමිනි. යූටියුබ්හි ක්‍රිෂ් 3වෙනි චිත්‍රපටිය ඉන්දියාවේ සති දෙකක් ඇතුලත වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් (මිලියන 12) නරඹපු හින්දි සිනමා පටය බවට පත්වුනා. Thorසහ Avengers යන චිත්‍රපට වලය වාර්තා බිඳදමමින් මෙම සිනමාව ඉදිරියට ඇදුනා. ඒ වගේම Krrish 3 චිත්‍රපටියේ ගේම් එකකුත් පරිගණක, ටැබ්ලට් වලට සහ ස්මාර්ට්ෆෝන් වලට නිකුත් කරලා තියෙනවා. චිත්‍රපටිය ප්‍රදර්ශණය කිරීමට පටං ගෙන මේ දවස් හතර තුල පමණක් ඇමරිකානු මිලියන එකොලහක් හොයලා තියෙනවා. ඒ වගේම පළවෙනි දවසේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5ක්. ඔය විස්තර කිව්වා ඇති. චිත්‍රපටිය ගැන පොඩ්ඩක් බලමු.
කතාව ගෙතෙන්නේ රෝහිත් මෙහෙරා කියන විද්‍යාඥයා වටේට. ඒ කියන්නේ ක්‍රිෂ්ණන්ගේ (ක්‍රිෂ්) තාත්තා.
වෛද්‍ය සිද්ධාන්ත් ආර්යාගෙන් බේරගෙන ක්‍රිෂ්ණාගේ තාත්තා රෝහිත්ව ආපහු එක්කරගෙන එනවා. ක්‍රිෂ්ණා හිතාගන්නවා සතුරන්ට සහ අහිංසකයන්ට උදව්වක් වශයෙන් සටන් වදින්න. දැන් ක්‍රිෂ්ණා ප්‍රියාව විවාහ කරගෙන සතුටින් කාලය ගත කරනවා. යම් කිසි දෙයක් නිසා රෝහිත්ගේ බුද්ධිය පාවිච්චි කරලා යම් කිසි අපූර්ව විද්‍යාත්මක සංඝටකයක් නිර්මාණය කරනවා මුළු ඉන්දියාවම බේරගන්න යම් සිදුවීමකින්. ඒ දේ නිසා ක්‍රිෂ් හැමෝගේම ආරක්ෂකයා, ගැලවුම් කාරයා බවට පත්වෙනවා.නමුත් ඔවුන් නොදන්න යම් කණ්ඩායමක් යම් කිසි ආකාරයක නපුරු ක්‍රියාවක නිතර වෙනවා. එම කණ්ඩායමේ ප්‍රධානියාත් රෝහිත් වගේම බුද්ධිමතෙක්. ඔහු නොයෙක් ආකාරයේ නිර්මාණයන් කරනවා. ඔහුගේ හමුදාව තමයි සත්තවයන්ට මිනිසු DNA කලවම් කරලා නිපදවාගත්ත අය. ඉතින් මොහුගේ එකම බලාපොරොත්තුව තමයි මුදල් උඵයන එක. ඒ නිසා යම් වෛරසයක් නිර්මාණය කරනවා. නමුත් මේ වෛරසය සුවකරන්න අවශ්‍ය ප්‍රතිවෛරසය තියෙන්නෙත් ඔහු ලඟම විතරයි. ඒ ඔහුගේ රුධිරය තමයි ඒකට අවහ්‍ය කරන පිළියම. මොහු යම් රටකට වයිරසයෙන් පහර දීමෙන් අනතුරුව ඉන්දියාවටදස පහර දෙන්න ගන්නවා මේ වෛරසය මගින්. නමුත් ඔහු නොසිත විදිහට මේ රෝහිත් ඒ වෛරසය විනාශ කරලා දානව. ඉතිං මේ දේට හේතුව මොකක්ද කියලා දැනගන්න මේ විරුද්ධ කණ්ඩායමේ නාක කාල්ට උවමනා වෙනවා. ඔහු ක්‍රිෂ්ගේ ගෙදරට ඔහුගේ හමුදාව යවනවා. එහිදී ප්‍රියාව අල්ලාගනු ලබන අතර ප්‍රියා විදිහට කාල්ගේ කණ්ඩායමේ කෙනෙක් වෙස් මාරු කරගන්නවා. ඉතින් මේ වෙස් මාරුව නිසා කාටවත් ඒ ප්‍රියා නෙමේ කියලා අඳුරගන්න බැරිවෙනවා. ඉතින් මේ සිඳුවීම කොහොම වේවිද?! රෝහිත් කොහොමද මේ ප්‍රතිවෛරසය නිර්මහාණය කරේ?! කවුද මේ කාල් කියන්නේ?! ඇයි ප්‍රියාව අරගෙන යන්නේ?! මොකක්ද ඒකට හේතුව?! ක්‍රිෂ් ප්‍රියාව ගලවාගන්නේ කොහොමද?! ක්‍රිෂ්ට මොනවා වෙයිද?! රෝහිත්ට මොනවා වෙයිද?! වෛරසයට මොනවා වෙයිද?!
හැමදාම කියනවා වගේ විස්තර කියන්න මං ඉතිං දක්ෂ නෑනේ :D තව දෙයක් කියන්න ඒන. මේක CAM කොපියක් නොවෙන බවට. මේක SCREEN කොපියක්. DVD කොලිටියට කිට්ටුවට තියෙනවා කියන්න පුලුවං. රේටින්ග් අනුව ඕඩියෝ එකට 8/10, වීඩියෝ එකට 7/10 වගේ දෙන්න පුලුවං.මෙතනින් ඔයාලට මෙහි රුප රාමු බලාගන්න ඇහැකි 1 ,2 ,3 ඒ වගේම උපසිරැසියේ ගීත වලටනම් උපසිරැසි අඩංගු වෙන්නේ නැහැ. සමහරක් තැන් වලටත් උපසිරැසි අඩංගු වෙන්නේ නැහැ. හැබැයි සම්මතයකට ගත්තොත්නම් චිත්‍රපටිය රසවිඳින්න පුලුවන් තරමට උපසිරැසි ගැන්වීම කරලා තියෙනවා. ඒ වගේම අලුත් හොඳ කොපියක් ආපු ගමන් ඒකට උපසිරැසි සහ චිත්‍රපටිය යාවත්කාලීන කරන බවටත් මතක තියාගන්න. මේක දෙන්නේ ගොඩක් අයගේ ඉල්ලීම මතයි. බලන අය බලන්න. නොබලන අය හොඳ කොපියක් ආපුවහම බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජයවේවා..!
50





0 comments:

Post a Comment

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts