Saturday, June 13, 2015

෴ Android ෆෝන් එකේ Pattern Lock එක අමතකද? මෙන්න එහෙනම් විසඳුම ෴


                      ඔන්න අද ඔයාලා හැමෝටම වගේ වැදගත් පෝස්ට් එකක් අරගෙන අවා. අද කාලෙ ස්මාර් ෆෝන් එකක් නැති කෙනෙක් හොයන්නත් නැති තරම්, ඉතින් මේ පොස්ට් එක ඒ හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
                       ස්මාට් ෆෝන් පාවිච්චි කරන ගොඩක්  අය තම තමන්ගෙ පුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න කරන වැඩක් තමයි Screen Lock දාන එක. සමහර අය Pin Code දානවා, තවත් සමහරු Tap Code දානවා, මේ අතරින් වැඩි දෙනෙක් කරන්නෙ Pattern Lock දාන එක. ඉතින් ඔය මොන Lock එක දැම්මත් සමහර වෙලාවට තමන්ටම Lock එක අමතක වෙන වෙලවල් තියෙනවා. ඒ වෙලාවට ඉතින් හැමෝම කරන්නෙ ෆෝන් කඩේකට ගිහින් කීයක් හරි දීලා Unlock කරගන්න එක.
                        දැන් ඉතින් ෆෝන් එක Lock උනාම සල්ලි නාස්ති කරගන්න ඕනෙ නෑ. මේ ක්‍රමයට අපිටම ලේසියෙන් ෆෝන් එක Unlock කරගන්න පුළුවන්. පල්ලෙහා තියෙන පියවර අනුගමනය කරල බලන්න.

1) පළමුවෙන්ම ෆෝන් එක Off කරන්න.

2) දැන් එකවර මේ Key ටික ඔබන්න. Volume up + Power Button Home Key ) 
     (Home Key එකක් නැති ෆෝන් වල  Volume up + Power Button විතරක් ඔබන්න )
    දැන් DOS Window එකකින් ෆෝන් එක On වෙයි.

3) ඊට පස්සෙ එන මෙනුවේ ඉහළ පහළ යෑමට Volume Keys භාවිතා කරලා 
   ‘‘Restore Factory Defaults‘‘ හෝ ‘‘Delete all User Data‘‘ යන්න Power Button එක 
    භාවිතයෙන් තෝරන්න.

4) දැන් ‘‘Reboot System Now‘‘ යන්න තෝරන්න, ඊට පස්සෙ ෆෝන් එක Reboot වේවි.

* සැලකිය යුතුයි - මෙහිදී Phone Memory එකෙහි ඇති දත්ත Delete වන බව මතක තබාගන්න. 
                            (Contact List, Massages)

මේ Video එකත් බලලම පැහැදිළි කරගන්නකෝ...


එහෙනම් තවත් අළුත් දේයක් එක්ක හමුවෙනකන් හැමෝටම ජය...!!! ඔයාලගෙ අදහස් පහලින් දාල යන්න.



0 comments:

Post a Comment

වෙඩි KK ගැන

Followers

About Me

Powered by Jasper Roberts - Blog

Popular Posts